Description
- සෙලියුලෝස් , ලිග්නින් හෝ හෙමිසෙලියුලෝස් අඩංගු වගා මාධ්‍යයට ඔයිස්ටර් වර්ගයේ බිම්මල් වගා කල හැක.
- ඔයිස්ටර් බිම්මල් වගාව සඳහා අවශ්‍ය වගා මාධ්‍යය පහසුවෙන් පිළියල කල හැක.
- වගාව සඳහා පාලිත පරිසර තත්ත්ව අවශ්‍ය නොවන අතර විවිධ පාරිසරික තත්ත්ව යටතේ වගා කල හැක
- වගා පියවර
- බිම්මල් බීජ නිපදවා ගැනීම
- වගා මාධ්‍යය පිලියල කිරීම
- වගා මාධ්‍යය ජීවානුහරණය
- වගා මාධ්‍යයට බිම්මල් බීජ දැමීම
- වගාව නඩත්තු කිරීම
-
වගාව සඳහා පැවතිය යුතු ප්‍රශස්ථ පාරිසරික තත්ත්ව
ඇමරිකන් ඔයිස්ටර්
උෂ්ණත්වය C සාපේක්ෂ ආර්ද්‍රතාව % CO(ppm) ආලෝකය දිලීර වර්ධනය 24-27 90-100 20,000 සම්පුර්ණ අඳුර කැකුළු හටගැනීම 17-19 95 600 2000 බිම්මල් වර්ධනය 19-20 85-92 600 2000 ඇබලෝනි
උෂ්ණත්වය C සාපේක්ෂ ආර්ද්‍රතාව % CO(ppm) ආලෝකය දිලීර වර්ධනය 24-30 90-95 5,000-20,000 සම්පුර්ණ අඳුර කැකුළු හටගැනීම 18-24 95-100 500-1000 500-1000 බිම්මල් වර්ධනය 21-27 85-90 <2000 500-1000 පින්ක් ඔයිස්ටර්
උෂ්ණත්වය C සාපේක්ෂ ආර්ද්‍රතාව % CO(ppm) ආලෝකය දිලීර වර්ධනය 24-27 90-100 20,000 සම්පුර්ණ අඳුර කැකුළු හටගැනීම 17-19 95 600 2000 බිම්මල් වර්ධනය 19-20 85-92 600 2000 වගා මාධ්‍යයේ දිලීර වර්ධනය සඳහා බීජෞෂණ කාමරයේත්
කැකුළු හට ගැනීම හා බිම්මල් වර්ධනය සඳහා මල් කාමරයේත් වගා මළු තැබිය යුතුය
උපස්ථරය
ඔයිස්ටර් බිම්මල් සඳහා වගා මාධ්‍යය
පැකට් 50ක් සඳහා
ලී කුඩු – සැහැල්ලු 20kg
හාල් නිවුඩු 2kg
අළු හුණු 400g
සෝයා පිටි 200g
මැග්නීසියම් සල්ෆෙයිට් 40g
අනෙකුත් අවශ්‍යතා
- ගේජ් 200 පොලිප්‍රොපිලීන් බෑග් (පළල 7” සහ 14″ උස)
- ¾” පළල සහ ½” උස PVC පයිප්ප
- රබර් පටි
- කපු පුළුන්
-
පළිබෝධ කළමනාකරණය
- බිම්මල් මැස්සන් (Bradysia, Cecid fly, Phorid fly, Sciarid මැස්සන්)
- ලයිසිඩ් කුරුමිණියා
- මයිටාවන්
පාලනය
- කෘමින්ට ඇතුල්විය නොහැකි කෘමි ප්‍රතිරෝධී දැලක් සහිත සම්මත වගා නිවසක් ඉදිකරන්න
- නිසි අයුරින් වගා නිවාසවල සනීපාරක්ෂාව පවත්වාගැනීම
- කොහොඹ ජල නිස්සාරකය භාවිතය
- සුදු ළුණු, කොහොඹ නිස්සාරණය භාවිතය
- මයිටාවන් සඳහා සල්ෆර් අඩංගු කෘමිනාශක භාවිතය
රෝග කළමනාකරණය
දිලීර රෝග :
. අසාදනය–වගා මළු වල කොළ පැහැති ස්ථාන දැක ගත හැක
Aspergillus niger
පාලනය :
- අපද්‍රව්‍ය වලින් තොර පරණ නොවූ අමු ද්‍රව්‍ය භාවිතය
- වගා මලු නිසි ලෙස ජීවානුහරණය කිරීම
- ආසාධන වලින් තොර හොදින් දිලීරය වැවුණු බීජ භාවිතය
- බීජ ආමුකූලනයට පෙර විෂබීජහරණය කිරීම හා පිරිසිදු ආවරණය කල ස්ථානයක බීජ යෙදීම
- වර්ධනය වන කාලය තුළ උෂ්ණත්වය හා ආර්ද්‍රතාවය නිසි ලෙස කළමනාකරණය කිරීම
- ආසාදිත වගා මළු ඉවත්කර විනාශ කිරීම
බැක්ටීරියා ආසාදන පාලනය
පහසුවෙන් ලබා ගත හැකි ක්ලෝරීන් ග්‍රෑම් 10 ජලය ලීටර් 1 ක දියකර දින 3 – 5 අතර කාල පරතරයකින් නිතිපතා යෙදීම
බිජ අවශ්‍යතාවය
200g ධාන්‍ය බීජ වගා මළු 50-60 සඳහා
බීජෞෂණය
ඇමරිකන් ඔයිස්ටර් හා රෝස ඔයිස්ටර් – දින 20 – 30
ඇබලෝනි – දින 45 -60
වගා මළු වගා ගෘහයට දැමීම
වගා මළු වල දිලීරය සම්පුර්ණයෙන් වැවුණු පසු
වගා මළු විවෘත කිරීම
සම්පූර්ණයෙන්ම විවෘත කිරීම
අර්විධ වශයෙන් විවෘත කිරීම (වියළි කාලගුණයක් සහිත ප්‍රදේශ සඳහා)
ජල සම්පාදනය
මීදුමක්ලෙස දිනපතා වතුර දැමීම සිදුකල හැකිය
අස්වනු නෙලීම
- බිම්මල් බීජාණු නිපදවීමට පෙර නෙළිය යුතුය
- වගා මල්ලක ඇති බිම්මල් සියල්ල එකවර නෙලිය යුතුය
අස්වැන්න
වගාමල්ලකින් බිම්මල් ග්‍රෑම් 300 – 400 පමණ ප්‍රමාණයක් ලබාගත හැකිය













Reviews
There are no reviews yet.